2024 ජූලි 01, ප.ව. 5:13
සිය ඉල්ලීම්වලට හැකි ඉක්මණින් ප්‍රතිචාර ලබාදෙන්නැයි ඉල්ලා ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරනවා.
එමෙන්ම එළැඹෙන සිකුරාදා රාජ්‍ය අංශයේ සියලු වෘත්තිය සමිති රැස්කර, ගුරු විදුහල්පති සන්ධානය ලෙස ඒකාබද්ධ කිරීමට සූදානමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියා.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද (01) පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වුණා.
ඒ, අනුව ලංකා ගුරු සංගමය සඳහන් කළේ, හෙට පාසල් වේලාවෙන් පසුව විරෝධතා පවත්වන බවයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, වෘත්තීය ක්‍රියාමාර්ග තිව්‍ර කිරීමට කටයුතු කරන බවත් දෙමාපියන් මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවත්ය.
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:31
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:28
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:11
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26