2024 නොවැම්බර් 11, පෙ.ව. 12:08
දැනට ක්‍රියාත්මක පාසල් විෂය නිර්දේශය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදුකිරීමට ඉදිරියේදී රජය සූදානම් බව ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම ප්‍රකාශ කරනවා.
ඔහු අවධාරණය කරන්නෙ කටපාඩම් අධ්‍යාපන ක්‍රමය වෙනුවට ළමුන් තුළ තාර්කික හැකියාව වර්ධනය වන ආකාරයට පාසල් විෂය නිර්දේශය සකස්විය යුතු බවත්,ලෝකයේ නවීන ඉගැන්වීමේ ක්‍රම මෙරට අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරගත යුතු බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂක ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මේ බව කියා සිටියේ, මාතර දිස්ත්‍රික්කයේ පැවති මැතිවරණ ප්රචාරක රැළියකට සහභාගී වෙමින්.
“දරුවෙක් නිවරදි මාර්ගයට ගන්න ඉගනීමට එහා ගිය තව හුඟාක් දේවල් කරන්න තියෙනවා. ලෝකයේ හුඟාක් රටවල පෙරපාසලේ සිට යම් කාලයක් යනකම් දරුවන්ට පොතේ පතේ දේවල් උගන්වන්නෙ නෑ. ඒ දරුවන්ට උගන්වන්නෙ සමාජමය දේවල්.
නමුත් අපේ රටේ එහෙම දේවල් වෙන්නෙ නැහැ.අපිත් ඒ වගේ දරුවන්ට හොඳ ආකල්ප උගන්වන්න කටයුතු කරනවා.
අපේ අධ්‍යාපන ක්‍රමය තුළ සාමාන්‍යපෙළ විභාගයට වෙනකොට දරුවෙක් විෂයන් 9ක් විතර කරනවා. මේ විභාග ක්‍රමයෙන් සිද්ධවෙන්නේ ළමයින්ට කටපාඩම් කිරීමයි. එහෙම නැතුව ළමයින්ගේ තාර්කික හැකියාව වර්ධනය කරන්න ක්‍රමවේදයක් අපේ අධ්‍යාපන ක්රමයේ නෑ.
කටපාඩම් ක්‍රමය නෙමෙයි අපි කරන්න ඕන ළමයින්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමයි. අපේ අධ්‍යාපන ක්රමයතුළ තාර්කික හැකියාව වර්ධනය වෙන්නෙ හරිම අඩුවෙන්.”
2024 දෙසැම්බර් 26, ප.ව. 7:12
2024 දෙසැම්බර් 26, ප.ව. 12:42
2024 දෙසැම්බර් 26, පෙ.ව. 9:19
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24