hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 ජූලි 12, පෙ.ව. 2:08



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සදහා ඉකුත් වසර තුන තුලදි (2020,2021,2022) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශය විසින් රුපියල් පන්සිය විසිඑක්කෝටි අනුදෙලක්ෂ අනුහත්දහස් තුන්සිය අනුවක (5,219,297,390) වියදමක් දරා තිබුනද සැලසුම් කළ පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදු කිරිමට අපොහොසත් වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් ඉකුත් වසර තුන තුලදි රාජ්‍ය අමාත්‍යංශය විසින් දැරූ මෙම මුදල හා ජාතික අධ්‍යාපන ආයතනය විසින් දරනු ලැබු රුපියල් තිස්පන්කෝටි පන්ලක්ෂ පනස්දෙදහස් තුන්සිය අනුතුනක වියදම (350,552,393)  නිශ්කාර්ය වියදමක් වීමේ අවධානමක් ද පවතින බව විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර හා ලෝක බැංකු ණය ආධාර මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සදහා මුදල් යොදවා තිබුණා.

මෙම ප්‍රතිසංස්කරණයන් නිසි පරිදි ක්‍රියාත්මක නොකලහොත් වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික දුෂ්කරතා හමුවේ බැදිම් ගාස්තු ණය පොලි ගෙවිම මත විශාල මුල්‍යමය පාඩුවක් වියහැකි බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම ණය ගිවිසුම  අවලංගු විමේ අවධානමක් ද පවතින බව විගණන වාර්තාවේ සදහන් වෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සදහා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අධ්‍යාපන, ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පිහිටුවා තිබුණා.

කෙසේවුවද මෙකි රාජ්‍ය අමාත්‍යංශය 2022 ජුලි 22 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අහෝසි කොට තිබුණා.

විෂය පථයට අයත්ව තිබු කාර්යයන් හා කර්තව්‍යයන් එදින සිට අධ්‍යාපන අමාත්‍යංශය යටතට නතුකොට තිබුණා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සදහා ප්‍රධාන ක්ෂේත්‍ර 06ක් හදුනාගෙන තිබුණා.

සියලුම කාර්යයන්ට අදාල මුලික ක්‍රියාකාරකම් පස් අවුරුදු  ක්‍රියාත්මක කිරිමේ සැලැස්ම අනුව 2021 ජනවාරි, පෙබරවාරි, මාර්තු යන මාසයන් තුලදි ක්‍රියාත්මක කිරිමට සැලසුම්කොට තිබුණා.

එහෙත් මෙම කටයුතු සැලසුම් කළ කාලසිමාවන් තුලදි  ඉටුකිරීමට රාජ්‍ය අමාත්‍යංශයට නොහැකිවී තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

විෂයමාලා හා ඇගයිම් ප්‍රතිසංස්කරණ සදහා පමණක්  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි තිබුනද ඉතිරි ප්‍රතිසංස්කරණ 05  සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනිමට අපොහොසත් වි තිබුණා.

මෙකි තොරතුරු සදහන් වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ 2022 වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුලත්ව ඇති විගණන වාර්තාවේයි.

ගාල්ල – ලලිත් චාමින්ද