hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 17, පෙ.ව. 3:08



සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම භෞතික හා මානව පහසුකම්වලින් සම්පුර්ණ පාසල් තුන බැගින් පිහිටුවා මෙරට 353ක් වු ජාතික පාසල් සංඛ්‍යාව දහසක් (1000) දක්වා වැඩිකිරිමේ අරමුණින් ක්‍රියාත්මක කල ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 2285.2ක මුදලක් වැයකර තිබුණද ජාතික පාසල් බවට පත්කර තිබුණේ පාසල් 22ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති  නවතම විගණන වාර්තාවක සදහන් වෙනවා.

අධ්‍යාපන, ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් 2021 වර්ෂය තුලදි  පාසල් 622ක අන්තර්ජාල පහුසකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 576ක් වැයකර තිබුණා.

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය මගින් පාසල් 822ක් සදහා එක් පාසලක් සදහා රුපියල් මිලියන 02 බැගින් ලබාදෙනු ලැබුවා.

එමෙන්ම තවත් පාසල් 09ක් සදහා භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන 44.7ක් ද, උපකරණ මිලදී ගැනිම වෙනුවෙන් රුපියල් මිලියන 20.5ක් ද වැයකොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

ජනප්‍රිය යැයි සම්මත පාසල්වල මෙන් සියලු භෞතික මානව පහසුකම් වලින් සම්පුර්ණ පාසල් තුන බැගින් සෑම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයකම පිහිටුවා එම පාසල් ජාතික පාසල් ලෙස උසස් කිරිම මෙකි ව්‍යාපෘතියේ අරමුණ වුණා. 

එමෙන්ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පිහිටි අනිකුත් පාසල්වල දරුවන්ට  එම පහසුකම් භුක්තිවිදිමය අයිතිය සැලසෙන පොකුරු පාසල් ක්‍රමයක් ද බිහිකිරිමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කොට තිබුණා.

මෙකි තොරතුරු සදහන් වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ 2022 වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුලත්ව ඇති විගණන වාර්තාවේයි.