hit counter

2025 ඔක්‍තෝබර් මස 20 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:10



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙතෙක් කිසිදු ශ්‍රේණියක් සඳහා නිල වශයෙන් විෂය නිර්දේශ, ගුරු අත්පොත් හෝ කාල සටහන් නිකුත් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි.

පළමු සහ හයවන ශ්‍රේණි සඳහා වන විෂය නිර්දේශය කඩිනමින් නිකුත් කරන බවත් ඊට අදාළ ගුරු අත්පොත් සහ කාල සටහනද නිකුත් කිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මේ වන විටත් ගුරුවරුන් පුහුණු කර ඇති අතර ඒ අනුව 2026 වසර ආරම්භයේ සිට එය ක්‍රියාත්මක කිරීමට සියලු සැළසුම් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව 2026 වර්ෂයේ සිට පළමු සහ හයවන ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව පාසල් පැවැත්වෙන කාලසීමාවද සංශෝධනය කිරීමට සැළසුම් කර ඇත.

මේ අතර 2026 වසරේ සිට පළමු සහ හයවන ශ්‍රේණි සඳහා පෙළ පොත් ලබා නොදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාකාරකම් පොත් හා මොඩියුලර් හඳුන්වා දෙන බවද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

මේ වනවිට ඒවා මුද්‍රණය ආරම්භ කර ඇති බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම ශ්‍රේණිවල සිසුන්ගේ පාසල් පොත් බෑගයේ බරද අඩුවන බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: