hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 09, පෙ.ව. 11:16



පැවැති ආපදා තත්ත්වය නිසා වසා දැමූ රජයේ පාසල් නැවත ආරම්භ කරන ක්‍රමවේදයට අඳාළ චක්‍රලේඛය අද(09) දිනයේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව පළාත් මට්ටමින් පාසල් ආරම්භ කිරිමට පියවර ගනිමින් සිටින බව ලේකම්වරයා සඳහන් කළා. එසේම එළඹෙන 16 වැනිදා පාසල් ආරම්භ කිරීමට නියමිත බවද ඔහු සිහිපත් කළා.

මේ අතර අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සියල්ල ජනවාරි මසයේදී පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ පැවසූ අතර ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල විභාගයට පෙනී සිටිය යුතු ළමන් පිළිබඳ නිසි තොරතුරු මෙතෙක් ලැබි නැති බව ද සඳහන් කළා.

කෙසේ වෙතත් ළමුන් විභාග මධ්‍යස්ථානවලට යොමු කිරිමට ඔවුන්ගේ තොරතුරු අවශ්‍ය බවද ඇය ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: