2023 ජූලි 27, පෙ.ව. 2:03
කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනිය අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වනවා.
අතර මැදි පංති වලට කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධියේ සැකකාරියක වන හිටපු විදුහල්පතිනි පී.කේ.ආර් රණසිංහ මහත්මිය මෙයට පෙර අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටි අතර එහි තීන්දුව මහනුවර අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් රාෆි මහතා විසින් පසුගිය 05 දින එම ඉල්ලීම ප්රතික්ෂේප කරනු අතර හිටපු විදුහල්පතිනිය හට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.
ගම්පොළ පිහිටි විදුහල්පතිනිය ගේ නිවසට හා ස්ථාන මරු ලැබ ඇය පැමිණි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අවස්ථා කිහියකදී පොලීසිය ගියත් ඇය එම ස්ථාන වල නොසිටි බව පොලීසිය පවසයි.
ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පති ධූරයෙන් ඉවත් කළ පසු රණසිංහ මහත්මිය පළාත් අධ්යාපන කාර්යාලයේ සේවය සඳහා වාර්තා කර ඇත්තේ එක් දිනක් පමණක් වන අතර ඇය අසනීප නිවාඩු ඉල්ලමින් වෛද්ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව මේ සම්බන්ධව කළ විමසීමක දී මධ්යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවසුවා.
කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් ශාන්ත අන්තෝනි බාලිකාවට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පළාත් අධ්යාපන අමාත්යාංශය මගින් ද විශේෂ පරීක්ෂණයක් කරනු ලැබුවා.
එහි වාර්තාව අනුව විදුහල්පතිනියට චෝදනා පත්රයක් නිකුත් කර තිබෙන අතර සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙතෙක් එය ඇයට බාර දීමට නොහැකි වී ඇත.
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතාගේ ලිපි ශීර්ෂ, නිල මුද්‍රා හා අත්සන් ව්‍යාජව සකසා සිසුවියන් 18 දෙනෙකු විදුහලට නීති විරෝධී අයුරින් ඇතුළත් කොට ඇති අතර ඊට පෙරද කූට ලේඛණ සකසා සිසුවියන් 180 දෙනෙකු මෙම විදුහලට ඇතුළත් කොට ඇති බව විගණන වාර්තාවකින් හෙළි වුණා.
මෙම කූඨ ලේඛණ සෑදූ බවට චෝදනා ලත් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. ඊට අමතරව සිසුවියන් ඇතුළත් කිරීම සඳහා කූඨ ලේඛන සකස් කළ බවට චෝදනා ලත් සෙංකඩගල වසමේ ග්රාම නිලධාරි මහින්ද සෙනරත් පොල්වත්ත යන අයද මේ වෙනවිට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර සිද්ධියට සම්බන්ධ යැයි පොලිසිය විසින් හඳුනාගෙන ඇත දෙයියන්ගේවෙල වසමේ ග්රාම නිලධාරි ප්‍රසන්න තෙන්නකෝන් යන අයට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස් උවින්දසිරි මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා.
මහනුවර – කමල් සුරවීර
2025 ජූනි 02, පෙ.ව. 12:08
2025 ජූනි 02, පෙ.ව. 12:07
2025 ජූනි 02, පෙ.ව. 12:06
2025 ජූනි 02, පෙ.ව. 12:04
2025 ජූනි 02, පෙ.ව. 12:03