hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 පෙබරවාරි 15, පෙ.ව. 10:18



පාසල්වල ශිෂ්‍ය නායක මණ්ඩල සම්බන්ධ මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

පාසල් පරිපාලනයට ශිෂ්‍ය නායක මණ්ඩලවල බලපෑම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදී මේ පිළිබඳ සාකච්ඡාවී තිබේ.

පාසල් පරිපාලනයේදී ශිෂ්‍ය නායක මණ්ඩලවල මැදිහත්වීම හා විනය පවත්වා ගෙන යෑමේදී මතුවන ගැටලු ගැන ගුරු සංගම් නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් අතර මේ සාකච්ඡාව සිදුව තිබේ.

පාසල් පරිපාලනයට ශිෂ්‍ය නායක මණ්ඩල මගින් සිදුවන බලපෑම් අවම කර ඒ වෙනුවට පාසලේ යහපත පිණිස ඔවුන්ගේ සහාය ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ඊට සහභාගී වූ ගුරු සංගම් නියෝජිතයෙක් ‘ඒෂියන් මිරර්’ ට පැවැසීය.

තව ද ශිෂ්‍ය නායක මණ්ඩලවලට සිසුන් පත්කිරීමේදී ශිෂ්‍යයන්ගේ වයස් සීමාව නොඉක්මවන අයුරින් එය සිදු කිරීමේ ඇති වැදගත්කම ගැන ද වැඩිදුරටත් සාකච්ඡා වී යැයි ඔහු කීය.