hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 22, ප.ව. 4:54



පාසල් අධ්‍යාපන චාරිකාවලදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රාත්‍රී කාලය පෙර යළිත් නිවෙස්වලට යා හැකි පරිදි නිශ්චිත දුර ප්‍රමාණයක් නියම කිරීම කෙරෙහි අධ්‍යාපන ආමාත්‍යාංශයෙහි අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන චරිකාවල නිරත වන පාසල් සිසුන්ට දිනකට එක් අන්තයකට කිලෝ මීටර් 100ක් හෝ ඊට අඩු දුරක් පමණක් ගමන් කළ හැකි බවට යන්න සඳහන් කරමින් නව නීතියක් ගෙන ඒමටයි අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ.

එමෙන්ම අදාළ කිලෝ මිටර් 100 සීමාව සහ පස්වරු 6.30 ට පෙර එම සියලු බස් රථ පාසලට පැමිණිය යුතු බවටත් සඳහන් කරමින් ඉදිරියේදි චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බවද වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත්තේ රදැල්ල බස් රථ අනතුරින් පසුව සිදුකළ සාමාලෝචනයකදියි.