hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 19, පෙ.ව. 11:20



අත්‍යාවශ්‍ය සේවා නොවන රජයේ සේවකයින්ට හෙට දිනයේ රාජකාරියට වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(19) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.

අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන්ද ඉල්ලා සිටියේ හෙට දිනයේ අත්‍යාවශ්‍ය නොවන ගමන්ද සීමා කරන ලෙසයි.

සති අන්තයේ වන විට පෙට්‍රල්, ඩීසල් තිබෙන නිසා සඳුදා දිනයේ සාමාන්‍ය පෙල විභාගයට ඉදිරිපත් වෙන දරුවන්ට ප්‍රවාහන ගැටලුව ලොකු ප්‍රශ්නයක් නොවන බවයි අගමැතිවරයා පැවසූවේ.