hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 24, පෙ.ව. 9:51



ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් ගිය ක්‍රිකට් ආයතනේ නිලධාරීන් හා ඔවුනගේ හිතවතුන් කණ්ඩායමට වියදම් කිරීමට විශාල වශයෙන් මූල්‍ය අවභාවිතාවක් සිදුවී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරනවා.

විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව මෙම විශාල මුල්‍ය වංචාව හෙළිව තිබෙන බවද ඔහු පැවසුවා.

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ රංගන ශිල්පිනී ශලනි තාරකා ඇතුළු තවත් දෙදෙනකු සමග බවද ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් වියදම දරා ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා තම පුද්ගලික හිතවතුන් 21 දෙනෙකු ගෙන ගොස් ඇතැයිද ඔහු පැවසුවා.

එම තරගාවලිය නැරඹීම සඳහා ක‍්‍රිකට් විධායක කමිටුවේ දාහතර දෙනකුට රුපියල් මිලියන 67කට අධික මුදලක් වැය කර ඇති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා චෝදනා කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: