hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2024 ජනවාරි 30, ප.ව. 8:13



76 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ගාලු මුවදොර අද (30) ආරම්භ කෙරුණු පෙරහුරුව අතරතුර පැරෂුටයෙන් ඇද වැටුණු හමුදා භටයන් හතරදෙනාගෙන් තුන්දෙනෙකුගේ අස්ථි බිඳීම් සිදුව තිබෙනවා.

තුවාල ලද සෙබළුන්ගේ සුවදුක් සොයා බැලීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රෝහලට පැමිණ තිබෙනවා.

ගුවන් හමුදා භටයන් දෙදෙනෙකු සහ යුද හමුදා භටයන් දෙදෙනෙකු මෙහිදී තුවාල ලැබූ අතර, එක් ගුවන් හමුදා භටයෙකුගේ පාදයක අස්ථියක් බිඳී ඇති අතර අනෙක් භටයාගේ උකුල් ඇටයට හානි සිදුව ඇති බව සඳහන්.

ඔවුන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ යුධ හමුදා පැරෂුට් භටයින් දෙදෙනා නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා සඳහන් කළේ එම එක් පැරෂුට් භටයෙකුගේද පාදයක අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි.

ඔවුන් අඩි අට දහසත් – දස දහසත් අතර ඉහළ අහසේ සිට පැරෂුට් රැගෙන බිමට පැන ඇති අතර, එක් භටයෙකුගේ පැරෂුටය තවත් හමුදා භටයෙකුගේ පැරෂුටයක පැටලීමෙන් ඔවුන් දෙදෙනා ඇද වැටුණේ ගාලු මුවදොර පිහිටි තරු පහේ හෝටලයක ගොඩනැගිල්ලක වහලය මතටයි.

අනෙක් පැරෂුට් භටයින් දෙදෙනා ගාලු මුවදොරපිටියට ඇද වැටුණා.

අනතුරුව ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමටයි අසළ සිටි භට පිරිස් පියවර ගත්තේ.