2026 මාර්තු 05, ප.ව. 1:38
ගාල්ල වරායට නාවික සැතපුම් 19ත් 44ත් අතර ඉන්දියන් සාගර කලාපයේදී, ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් විදේශ රාජ්‍යයක මැදිහත්වීම මත එල්ල වූ ප්‍රහාරයකින් මුහුදුබත් වී ඇති බවත්, තවත් ඉරාන නෞකාවක් කොළඹ වරාය ආසන්නයේ රැඳී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අනාවරණය කළේය.
ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හගසට් මහතා ප්‍රකාශ කර ඇති පරිදි, ඇමරිකානු සබ්මැරීනයකින් එල්ල කළ ටොපිඩෝ ප්‍රහාරයක් හේතුවෙන් මෙම නෞකාව විනාශ වී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මාධ්‍ය මෙම ප්‍රහාරය පිළිබඳව කරුණු අනාවරණය කරද්දී, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය එවැනි ප්‍රහාරයක් සිදු නොවූ බව ප්‍රකාශ කිරීම ගැටලුසහගත බව ද ඔහු පැවසීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය වහාම නිල ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
ප්‍රහාරයට ලක් වූ නෞකාවට අමතරව, මේ වන විටත් තවත් ඉරාන නෞකාවක් ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාව තුළ කොළඹ වරායට ඉතා ආසන්නයේ රැඳී සිටින බව ප්‍රේමදාස මහතා හෙළි කළේය. මෙවැනි සංවේදී යුදමය සිදුවීම් රටේ ස්වෛරීභාවයට, ඒකීයභාවයට සහ ජාතික ආරක්ෂාවට බරපතල බලපෑමක් එල්ල කරන බැවින් සභාව දැනුවත් කිරීම රජයේ වගකීමක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උපුටා දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, අනන්‍ය ආර්ථික කලාපය තුළ මිලිටරි ක්‍රියාකාරකම් සිදු කිරීම ජාත්‍යන්තර නීතියට පටහැනි බවයි. මෙම ප්‍රහාරය හේතුවෙන් සාගර සම්පත්වලට සහ පරිසරයට සිදු වූ හානිය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ ජීවිත බේරාගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් ද ඔහු සිය ප්‍රශංසාව පළ කළේය.
2026 මාර්තු 05, ප.ව. 2:57
2026 මාර්තු 05, ප.ව. 12:40
2026 මාර්තු 05, පෙ.ව. 11:43
2026 මාර්තු 05, පෙ.ව. 9:16
2026 මාර්තු 05, පෙ.ව. 12:29
02-03-26
02-03-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
04-02-26
04-02-26
07-01-26
07-01-26
17-12-25
17-12-25
13-12-25
13-12-25
18-11-25
18-11-25
24-10-25
24-10-25
26-09-25
26-09-25
16-09-25
16-09-25
10-09-25
10-09-25