hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 12, පෙ.ව. 9:27



“සේද මාවත” (Silk Route) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් අද (12) අලුයම 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව නිවේදනය කර සිටිනවා.

රට තුළ උද්ගත ව ඇති අර්බුදකාරී තත්ත්වය සැළකිල්ලට ගනිමිනු යි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ක්‍රියාත්මක වන මෙම සේද මාවත මඟී නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වීමට තීරණ කර ඇත්තේ.

ආ අනුව අද මධ්‍යාහ්න 12.00 සිට නැවත දැනුම් දෙන තුරු සේද මාවතේ මඟී නිෂ්කාශන කටයුතු නැවතෙනු ඇති.

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරින්ගේ සංගමය මේ බව නිවේදනය කළා.

ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙවැනි මුදල් ගෙවා භාවිතා කරන ප්‍රභූ පර්යන්ත එම ගුවන් තොටුපළ තුළ පවත්වා ගෙන යාමක් සිදු නොවන බවට තොරතුරු වාර්තා වෙනවා.

කටුනායක – ටී.කේ.ජී.කපිල