hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 10:53



පෞරාණික පුරා වස්තු රැසක් සහිත පිහිටි සිතුල්පව්ව රජමහ විහාරස්ථානයේ ආරක්‍ෂාව පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කළ බව සිතුල්පව්ව රජමහ විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංවිධායක මැටරඹ හේමරතන නාහිමියෝ ඊයේ (03) පැවැසූවා.

විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන සියලුම වාහන කතරගම දෙසින් එන විට කොච්චිපතාන මුරපොළෙත් තිස්සමහාරාම, යෝධකණ්ඩිය දෙසින් පැමිණෙන වාහන බැබව වනජීවී මුරපොළේ ලියාපදිංචි කළ යුතු බවටත් නාහිමියෝ අදාළ ලිපිය මඟින් ආරක්‍ෂක ලේකම්වරයාට යෝජනා කර තිබෙනවා.

සිතුල්පව්ව විහාරස්ථානය ආසන්නයේ ඇති හමුදා මුරපොළෙන්ද සියලුම වාහන පරීක්‍ෂා කර සවස 6න් පසුව පැමිණෙන වාහන සම්බන්ධයෙන් තමන් වහන්සේ දැනුවත් කරන ලෙසද ආරක්‍ෂක අංශ වෙත පවතින තත්ත්වය පිළිබඳව මේ වන විටත් උපදෙස් දුන් බවද මැටරඹ හේමරතන හිමියෝ පැවැසූවා.

සිතුල්පව්ව ඓතිහාසික වටිනාකමක් ඇති අක්කර ‍ෙදාළොස්දහසක් පුරා වූ භූමි ප්‍රදේශයක තිබෙන පුරාවස්තු පිළිබඳ මීට වඩා සැලකිලිමත් ලෙස ආරක්‍ෂාව තර කරන ලෙස නාහිමියන් වෙත සිතුල්පව්වට පැමිණෙන බැතිමතුන් අවස්ථා කිහිපයක්ම පැවැසූ බවද උන්වහන්සේ කියා සිටියා.

තමන් බැහැදැකීමට හා විහාරස්ථානය වැඳපුදා ගැනීමට බව පවසමින් පැමිණෙන ඇතැම් පිරිස් තමන් වහන්සේගේ කිසිම අනුදැනුමකින් තොරව බණ භාවනා කිරීමට යැයි පවසා කැලෑ ප්‍රදේශයන්හි සැරිසැරූ අවස්ථා පිළිබඳව ආරක්‍ෂක අංශ වෙතින් ලැබුණු තොරතුරු මත රාජ්‍ය ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වෙත උන්වහන්සේ ලිපියක් යොමු කිරීමට කටයුතු කළ බවද වාර්තා වෙනවා.