hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 මැයි 23, පෙ.ව. 9:16



කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “කොම්පඤ්ඤ වීදිය” ග්‍රාම නිලධාරී වසම භාෂාත්‍රයෙන් එලෙසම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව දෙමළ භාෂාවෙන් “ஸ்லேவ்ஐலன்ட்” ලෙසත්, ඉංග්‍රීසි භාෂාවෙන් “Slave Island” ගැන ලෙසත් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම ග්‍රාම නිලධාරී වසමේ නම භාෂාත්‍රයෙන්ම “කොම්පඤ්ඤ වීදිය” ලෙස හැඳින්වීම යෝග්‍ය බවට යෝජනා වීමත් සමඟ එම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊට අදාළ අංක 743/5 දරන 1992.12.01 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.