hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2023 මැයි 23, ප.ව. 1:57



ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් දේශපාලන නොසන්සුන්තාවන් හා සිවිල් කැළැඹීම් වල ප්‍රතිපත්තියක් ලෙස මියගිය අය සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඉහත හේතු නිසා මිය ගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා සංහිඳියාවේ සහ ප්‍රතිසංධානයේ සංකේතයක් ලෙස කොළඹ නගරයේ සුදුසු ස්ථානයක මෙම ස්මාරකය  ඉදිකර යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.