hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 8:46



සබන් කුඩු ඇසුරුම් නිසා පරිසරයට විශාල බලපෑමක් එල්ල වන බැවින් ඒවා තහනම් කිරීම කෙරෙහිද රජයේ පරිසර අංශවල අවධානය යොමුවී තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසූවේ ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 20 ප්‍රමාණයේ සබන් කුඩු, සබන් දියර ඇසුරුම් භාවිතය තහනම් වූවත් ග්‍රෑම් 250, 500 සහ කිලෝවේ ඇසුරුම් නිසා පරිසරයට විශාල බලපෑමක් සිදුවන බවයි.

මේ නිසා එක් වරක් පමණක් භාවිත කළ හැකි මෙම පොලිතින් වර්ග භාවිතය අවම කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුවී තිබෙනවා.

සබන් කුඩු ඇසුරුම් ජල මූලාශ්‍රවලට වැඩි වශයෙන් බැහැර කිරීම නිසා විශාල පරිසර හානියක් සිදුවන බව පරිසරවේදීන් සඳහන් කරනවා.