hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 10, පෙ.ව. 10:40



ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතා කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

එහි භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා මහත්මිය පැවසුවේ, වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය මත ඇතැම් මව්පියන් ප්‍රමිතියෙන් තොර බාල සබන් වර්තමානයේ තම බිළිඳුන් සඳහා භාවිතා කරන බවත්, එහි බලපෑම ඇතිවන්නේ අනාගතයේදී බවය.

“අපිට මේ දවස්වල වාර්තා වෙලා තියෙනවා දරුවන්ගේ ඇඟේ යම් යම් අසාත්මිකතා. මේ ගැන හොයලා බලනකොට අපිට තේරුණ එක දෙයක් තමා ප්‍රමිතියෙන් තොර බාල බිළිඳු සබන් භාවිතා කිරීමෙන් තමා මේ තත්ත්වය ඇති වෙන්නේ කියන එක. විශේෂයෙන්ම කියන්න ඕනේ අම්මලාට තමන්ගේ දරුවන්ගේ සබන් පාවිච්චි කිරීමේ දී සැලකිලිමත් වෙන්න ඕන විශේෂම කාරණය තමා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිකුත් කළ සහතිකය සහිත බේබි සබන් වර්ගයක් පාවිච්චි කරන්න කියන එක. බිළිඳු සම ඉතාම සංවේදී තැනක්. ඒ නිසා අද නෙමෙයි මෙහි ඵළවිපාක ඇති වෙන්නේ වසර ගණනාවකින්. ඒ නිසා විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය එසේ වුවත් මේ ගැන සැලකිලිමත් වෙන්න…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: