2025 පෙබරවාරි 04, ප.ව. 3:37
ශ්‍රී ලංකාවේ සබන් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් විසින් මෑතක සිට ප්‍රසිද්ධ මාධ්‍ය භාවිතා කරමින් ප්‍රචාරණය කරනු ලබන වෙළෙඳ දැන්වීම්වලදී අදාල සබන් වර්ගය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙහි අනුමත සබන් නිෂ්පාදනයක් ලෙස සදහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවන බව පාරිභෝගික අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එසේම, අසත්‍ය ප්‍රචාරණයන් සම්බන්ධව 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
පාරිභෝගික අධිකාරියේ නිල නිවේදනය මගින් කිසිදු ආයතනයක කිසිදු නිෂ්පාදනයක් සඳහා අදාළ වන වෙළඳ දැන්වීම් සඳහා කවර ආකාරයක හෝ අනුමැතියක් හෝ සහතිකයක් ලබාදී නොමැති බවත් පැහැඳිළිව සඳහන් කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා විසින් කර ඇති නිවේදනයට අනුව වෙළදපොලෙහි අලෙවිවන භාණ්ඩ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද විධානවලට අනුකුලව නිෂ්පාදනය අලෙවිය සහ බෙදාහැරීම සිදුකල යුතු බවද දක්වා තිබේ.
පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
2025 පෙබරවාරි 04, ප.ව. 5:10
2025 පෙබරවාරි 04, පෙ.ව. 11:19
2025 පෙබරවාරි 04, පෙ.ව. 12:28
2025 පෙබරවාරි 04, පෙ.ව. 12:26
2025 පෙබරවාරි 04, පෙ.ව. 12:13