hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 18, පෙ.ව. 9:10



“පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම්” බවට පළවූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ පුවත දැක තමන් වික්ෂිප්ත වූ බව යි.

තම නාමය යොදා ගනිමින්, තනතුරු නාමය ලෙස “ආයුර්වේද කොමසාරිස් ජනරාල්” ලෙස ආරූඪ තනතුරක් යොදා ගනිමින් තමන් එම ප්‍රකාශය සිදු කළ බවට එම වාර්තාවල සඳහන් වූ බව අබේගුණවර්ධන මහතා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන නිකුත් කළ නිවේදනය පහතින්,