hit counter

2025 අප්‍රේල් මස 07 වන සඳුදා

2025 අප්‍රේල් 07, පෙ.ව. 12:17



දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාව තුළදී මහනුවර නගරය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමේ අවස්ථාවට අද (06) එක්වෙමින්.

අමාත්‍යවරයා එහිදී සදහන් කළේ අදාළ කාල සීමාව තුළදී ජනතාවගේ යටිතල පහසුකම් වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

ඊට අදාළ සාකච්ඡාවක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද මහනුවරදී පවත්වා තිබෙනවා.

සිරි දළදා වන්දනාව ලබන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: