hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 12, ප.ව. 9:27



මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යය සාර්ථකව අවසන් කළ බවට ප්‍රකාශිත සංදේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද පස්වරුවේ භාරදුන්නා.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවෙි දියඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා  විසින් පිළිගනු ලැබුවා.

දස දිනක් පුරා පැවති මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අවසන් කෙරුණේ අද අලුයම ගැටඹේ තොටේදී සිදුකළ සිව්මහා දේවාලවල දිය කැපීමේ චාරිත්‍රයත් සමගයි.

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා.