hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 13, පෙ.ව. 11:07



දළදා මාලිගාවට හා මහ නායක හිමිවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා බැලීමේ පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා.

දළදා මාලිගාවට හා මහ නායක හිමිවරුන්ට අපහාස කරමින් ඇතැම් සමාජ මාධ්‍ය කරන අපහාසාත්මක ප්‍රචාරයන් වැළැක්වීමට පියවර ගන්නැයි අස්ගිරිය මහා නායක වරකාගොඩ ඥානරතන හා මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමිවරු සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න මහතාගෙන් කළ ඉල්ලීමක් මත පොලිස්පතිවරයා මේ පියවර ගෙන තිබෙනවා.

පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය වලින් ශ්‍රී දළදා වහන්සේ හා ශ්‍රී දළදා මාලිගය කෙරෙහිත්, මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් කෙරෙහිත්, දියවඩන නිලමේවරයා කෙරෙහිත් ද්වේශ සහගත සිතින් සිදුකෙරෙන අපහාසාත්මක ප්‍රකාශයක් පිළිබඳ මීට පෙරත් පොලිස්පතිවරයා වෙත ලිපි යොමු කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කොට නිසි පියවර ගැනීම සම්බන්ධයෙන් එම ලිපිය මගින් පොලිස්පතිවරයාට ස්තුතිය පිරිනමා තිබෙනවා.

එසේ වුවද නැවත වරක් සමාජ මාධ්‍ය තුළින් ශ්‍රී දළදා වහන්සේ හා ශ්‍රී දළදා ශ්‍රී දළදා මාලිගය, මල්වතු – අස්ගිරි මහනායක හිමිවරුන් සහ දියවඩන නිලමේවරයා ඉලක්ක කොට පදනම් විරහිත අසත්‍ය ද්වේෂ සහගත ප්‍රකාශ කරන බව ද දෙස් විදෙස් බෞද්ධ ජනතාව, දළදා වහන්සේ විෂයෙහි දක්වන විශ්වාසයට හා පූජනීයත්වයට මෙන්ම පුද සත්කාරයන්ට හානි පැමිණවීම එමඟින් අපේක්ෂා කරන බවද මහනායක හිමිවරු හා දියවඩන නිලමේවරයා සිය ලිපියේ දක්වා තිබෙනවා.