hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 14, පෙ.ව. 12:07



ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ලබාගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල් කරමින්, බඳවාගැනීමේ පූර්ව පරීක්ෂණ දැන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙම රැකියා අවස්ථා සඳහා ඇ.ඩෝ. 1500 කට වැඩි වැටුප් හිමිවෙන බව ද මේ වනවිටත් විශාල පිරිසක් පූර්ව පරීක්ෂණ සඳහා පැමිණෙමින් සිටින බවත් කාර්යාංශය පවසයි.

ඒ අනුව වයස අවුරුදු 25-44 අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ෂටරින් කාපෙන්ටර්, ටයිල් අතුරන්නන්, කම්බි බඳින්නන් හා කපරාදුකරුවන්ට යන රැකියාවන්ට අදාළ පළපුරුද්ද සහිත පිරිමි ශ්‍රමිකයින්ට මෙම පරීක්ෂණයන් සඳහා සෘජුවම පෙනී සිටීමට අවස්ථාව උදාවී තිබේ. මෙම රැකියාවන්ට අදාළ පූර්ව පරීක්ෂණ අගෝස්තු මස 15 වෙනි බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 8.00 සිට මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී පැවැත්වේ.

පූර්ව පරීක්ෂණ සඳහා පෙනී සිටීමට රුපියල් 6000ක මුදලක් අයකරනු ලබන අතර, මේ සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් තමන් යොමුවීමට බලාපොරොත්තු වන රැකියාවට අවශ්‍යවන මෙවලම් හා උපකරණ මෙන්ම විදේශ ගමන් බලපත්‍රයද රැගෙන පැමිණිය යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පවසයි.