hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2026 මාර්තු 17, පෙ.ව. 10:46



ඉන්ධන සඳහා අවසරය දෙන ජාතික පද්ධතියට (QR කේතය) ප්‍රවේශය ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක සහ මාර්ගගත පණිවිඩ සේවාවල වංචනික අන්දමින් සැකසූ  ව්‍යාජ වෙබ් ලිපිනයක් (URL) දැනට සංසරණය වන බව Sri Lanka CERT මහජනතාවට දැනුම් දෙයි.

මැද පෙරදිග පවතින තත්වය මධ්‍යයේ ගෝලීය ආර්ථිකයේ මතු වී ඇති අවිනිශ්චිතතාවය නිසා සැපයුම් සඳහා බාධා මතුවීමත් සමග, රජය විසින් QR කේතය හඳුන්වා දෙන ලද්දේ ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහාය. 

මෙම වංචනික වෙබ් ලිපිනය පරිශීලකයින් නොමඟ යැවීමට මෙන්ම පුද්ගලික හෝ මූල්‍ය හෝ තොරතුරු ලබා ගැනීමට වෑයම් කරන මාර්ගගත වංචාවක කොටසක් ලෙස හඳුනාගෙන  තිබේ.

මෙම සැක සහිත නිල නොවන වෙබ් අඩවි, පණිවිඩ යෙදුම් හෝ සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කර ඇති වෙනත් නොදන්නා සබැඳි පරිලෝකනය කිරීම (scan) හෝ ක්ලික් කිරීම හෝ නොකරන ලෙස Sri Lanka CERT මහජනතාවට තරයේ අවවාද කරයි. මෙම වංචාකාරී QR කේත පරිලෝකනය (scan) කරන්නන්, බැංකු ගිණුම් තොරතුරු, පුද්ගලික තොරතුරු ආදිය සොරකම් කිරීමට උත්සාහ කරන ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු වීමේ අවදානමක්  ද පවතී.

QR කේතය සඳහා පහත නිල වෙබ් සබැඳිය කරුණාකර භාවිතා කරන්න.

https://fuelpass.gov.lk

සයිබර් වංචාවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා, සුපරීක්ෂාකාරීව සිටීමට සහ ආරක්ෂිත මාර්ගගත හැසිරීමක නිරත වන ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටිනු  ලැබේ. වැඩිදුර තොරතුරු සඳහා හෝ සැක සහිත සයිබර් සිදුවීම් වාර්තා කිරීමට, නිල සන්නිවේදන ඔස්සේ Sri Lanka CERT අමතන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: