2025 පෙබරවාරි 25, ප.ව. 12:21
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු යානා තුනක් වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන තිබියදීත් ඒ සඳහා මසකට ඩොලර් ලක්ෂ 9ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතැයි අද (25) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණා.
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව ඇති සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 22ක් බවයි.
මේ වනවිට ප්‍රධාන ගුවන් සේවයට අදාළව සේවකයින් 3,194ක් සහ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල සේවකයින් 2,862ක් සේවය කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
ගුවන්සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 සිට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව පැවසු හර්ෂණ සූරියප්පෙරුම මහතා, අමාත්‍යාංශය විසින් මෙම සැලසුම් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව කියා සිටියා.
ඒ අනුව ගුවන්සේවය විසින් මෙහෙයුම් ලාභදායිතාවය හා රජයේ සහයෝගීතාවය මෙම වසර 5 තුළ බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
2025 අප්‍රේල් 08, ප.ව. 2:07
2025 අප්‍රේල් 08, ප.ව. 2:03
2025 අප්‍රේල් 08, ප.ව. 1:58
2025 අප්‍රේල් 08, ප.ව. 12:27
2025 අප්‍රේල් 08, ප.ව. 12:13
07-01-25
07-01-25
11-03-24
11-03-24
16-02-24
16-02-24
26-12-23
26-12-23
22-12-23
22-12-23
28-10-23
28-10-23
04-09-23
04-09-23
20-07-23
20-07-23
30-08-22
30-08-22
30-08-22
30-08-22
29-08-22
29-08-22