2023 ඔක්තෝබර් 05, ප.ව. 12:27
අවාරයේ හැටන් සහ රත්නපුර මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) සිට මුදල් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවට සඳහන් වෙනවා.
ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසුවේ මෙලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බවයි.
මෙලෙස අද (05) මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ රජ සමයේ සිට වාරයේ සහ අවාරයේ ශ්‍රි පාදස්ථානය වැඳ පුදා ගැනිමට පැමිණෙන කිසිදු වන්දනාකරුවෙකුගෙන් මුදල් අය කිරිමක් සිදු නොකල අතර වර්තමානයේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ශ්‍රි පාදස්ථානය වන්දනා කිරිමට පැමිණෙන හෝ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන මුදල් අය කර ගැනීම අසාධාරණ ක්‍රියාවක් බවයි.
මේ සඳහා 2022 වසරේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවට සඳහන්.
ඒ අනුව ඊයේ(04) දින පස්වරුවේ සිට නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රි පාදස්ථාන සංචාරයේ යෙදෙන විදේශිය සංචාරකයෙකුට ඩොලර් 5 ක මුදලක් සාර්ක් රටවලින් පැමිණෙන විදේශිය සංචාරකයන්ට ඩොලර් 4 ක මුදලක් අය කෙරෙනවා.
අවාරයේ ශ්‍රි පාදස්ථානයට පැමිණෙන දේශිය සංචාරකයන්ට රු 40ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:04