2026 ජනවාරි 29, ප.ව. 3:31
බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීම සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් රජය මඟින් සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් විශේෂ බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.
අඳාළ කමිටුවේ විශේෂත්වයක් වන්නේ 2011 වසරේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පැළඳි සහ 2013 වසරේ ආසියානු රූ රැජින ලෙස සම්මානයට පාත්‍ර වූ ප්‍රකට නිරූපණ ශිල්පිනී ස්ටෙෆනි සිරිවර්ධන මෙනෙවිය ද එහි සාමාජිකාවක් වශයෙන් ඇතුළත් කර තිබීමයි.
ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කළේ අඳාළ පත්කිරීම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදු කර තිබෙන බවයි.
එමෙන්ම බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා සහ ගැටලු සමීපව නිරීක්ෂණය කිරීම, අඳාළ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබා දීමට මැදිහත් වීම, රැඳවියන්ගේ සුභසාධනය සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම් වේ.
එසේම බන්ධනාගාර පද්ධතිය තුළ සිටින රැඳවියන්ගේ මානුෂීය අවශ්‍යතා සහ සුභසාධනය සඳහා මෙම කමිටුව සක්‍රීයව දායක වනු ඇති බවද බලාපොරොත්තු වේ.
2026 මාර්තු 29, පෙ.ව. 12:39
2026 මාර්තු 29, පෙ.ව. 12:31
2026 මාර්තු 29, පෙ.ව. 12:27
2026 මාර්තු 29, පෙ.ව. 12:21
2026 මාර්තු 29, පෙ.ව. 12:16
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26