hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 29, ප.ව. 5:04



දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා නියමිත උසස්වීම් ලබාදීම තවදුරටත් ප්‍රමාද කිරීමට එරෙහිව ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බවයි.

රාජ්‍ය සේවා කොමිසම හරහා ලැබී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම දුම්රිය බලධාරින් තවදුරටත් ප්‍රමාද කරමින් සිටීම විමතියට කරුණක් බව එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පැවසීය.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් වත්මන් රජයේ ජනාධිපතිවරයා අමාත්‍යවරයා ඇතුළු බලධාරින් දැනුවත් කර ඇති බවත් ඉදිරි පැය 48 තුළ විසඳුම් නොලබෙන්නේ නම් වහාම වෘතීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.