hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2023 ජූලි 08, පෙ.ව. 12:22



ඇමරිකානු ඩොලර් මිලියන 400ක වියදමකින් තායිලන්තයේ බහුජාතික සමාගමක් විසින් වවුනියාවේ අක්කර හැත්තෑ දහසක ඉඩමක උක් වගා කොට වවුනියාවේ සීනි කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට තීරණය කොට තිබෙනවා.

මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර උක් වගා කිරීමටත් සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමටත් සුදුසු ඉඩමක් හඳුනාගැනීමේ කටයුතු වවුනියාවේ රාජ්‍ය නිලධාරීන් විසින් මේ දිනවල කරගෙන යයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ලබා ගන්නා ඉඩම් කොටස් කර වවුනියාවේ ජනතාවට උක් ගස් වැවීමට ලබා දෙන අතර එම ඉඩම්වලින් නිෂ්පාදනය වන උක්දඬු තොග සමාගම විසින් මිලට ගන්නා ගිවිසුමක්ද ක්‍රියාත්මක වෙනවා.

මේ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ තුන් දහසකට පමණ සෘජු රැකියා අවස්ථා ලැබෙන අතර වක්‍ර රැකියා අවස්ථා විසිපන් දහසකට පමණ ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කොට තිබෙනවා.