hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් 08, ප.ව. 12:17



“අනාථ වෙලා ඉන්නේ හොල්මං වෙලා ඉන්නේ ජනාධිපතිවරයා. ඊයේ හරි අහිංසක විදිහට කතා කරේ වෙන දවසක නම් ඇවිල්ලා තග පාට් එක දාලා යන්නේ.” යනුවෙන් සුජීව සේනසිංහ මහතා සඳහන් කරනවා.

ඒ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

ඒ මහතා මෙසේ අදහස් දක්වමින් සඳහන් කළා.

“ගරු කථානායකතුමනි ඔබතුමාත් දන්නවා ඔබතුමාලාගේ ආණ්ඩුව සෑහෙන අසාර්ථකයි. ඔබතුමාත් එක්කම.මේ වෙනකොට ගරු කථානායකතුමනි ලෝකයටම බලපානවා හෝමෝසන්ධිය විවෘත කරලා තියෙනවා. අප්‍රේල් වෙනකන් තෙල් තියෙනවා කියලා ලොරිටෝක් දුන්නා. තිබ්බ නම් මේ තෙල් වැඩි කරන්න ඕනේ නැහැ. ඉන්දියාව එහෙමයි කළමනාකරණය කරන්නේ. ඉගෙනගන්න ඉන්දියාවෙන් බිලියන එක හමාරක් මිනිස්සු එහේ. මේ මිලියන 22යි. මේ හුඩුවට කරගන්න බහ කියලා ජනාධිපතිවරයා පිළිගන්නවා. මොකක්ද ගරු කථානායකතුමනි අප්‍රේල් වෙනකන් තෙල් තියෙනවා නම් තෙල් වැඩි කරන්නේ මොකටද? මාස දෙක තුනකට තෙල් තියෙන්න ඕනේ 40%යි ඒ තෙලි ටික මේවා කරලා තියෙන්නේ. අනාථ වෙලා ඉන්නේ හොල්මං වෙලා ඉන්නේ ජනාධිපතිවරයා. ඊයේ හරි අහිංසක විදිහට කතා කරේ වෙන දවසක නම් ඇවිල්ලා තග පාට් එක දාලා යන්නේ.”

මොකක්ද මේ කියන්නේ? මේ මේකයි මේ හේතුව රටට තියෙන ආදරයකට නෙමෙයි. ලෝක බැංකුවේ ලංකාවට බය හිතෙන වාර්තාවක්. ආසියාවේ වැඩිම විදුලිබිල 33%කට කන්න නෑ. තරුණට රැකියා නෑ. අපි නෙමෙයි කියන්නේ ලෝක බැංකුව. රුපියල අද ඩොරල් එකත් එක්ක ගත්තම 315යි. 290ට තිබ්බේ. මේක තමයි රටේ තත්ත්වේ. මන්ත්‍රිතුමිය කිව්වා 8%කින් තෙල් වැඩිවෙලා කියලා ලංකාවේ අනිත් රටවලත් වැඩි වෙනවා කියලා වැඩිවෙලා නැහැ. මේ තියෙනවා වැඩිම වෙන කාම්බෝඩියාවේ 68%යි. වියට්නාමයේ 50%යි. ලංකාවේ තුන්වෙනි වැඩිම රට මෙන්න කෙරුවාව. ඕක තමයි අපි කිව්වේ පළපුරුද්ද නෑ, හැකියාව නෑ, උද්ඝෝෂණ පමණයි පුළුවන්. බිලියන ගානක් විනාශ කරා මේ රටේ සාම්පූර් පටන් ගන්න දුන්නේ නැහැ. කාලකන්නි කරා රට. ප්‍රභාකරන් සහ jvp එක තමයි රට විනාශ කරේ. උද්ඝෝෂණ කරලා ආ නෙමෙයි. උද්ඝෝෂණ කරලා උද්ඝෝෂණ කරලා සංවර්ධනයක් වෙන්න තිබුනේ නැහැ, නිෂ්පාදන වෙන්න තිබුනේ නැහැ රටේ. දැන් ඉන්නවා බබාලා වගේ. දැන් මොකක්ද මේ කියන්නේ? 35%ක් විදුලිබිල ලෝකයේ තුන්වෙනි තැන ලෝකේ තුන්වෙනි තැන උත්තර දෙන්න මේකට ලෝකයේ තුන්වෙනි තැන මේ විදුලිබිල.

අඩු කරනවා කියලා ආවේ 30%කින් අඩු කරනවා කියලා ආවේ. තෙල් අඩු කරන්න ආවේ. හාල් ගෙන්න නැහැ කිව්වා. හාල් ගෙන්න්නන්න නැති එක්කෙනාගේ බඩ විතරයි මහත්වෙලා තියෙන්නේ. වෙන මොනවත් වෙලා නැහැ. හාල් ඊයෙත් ඕඩර් කරලා. කිව්ව ඔක්කොම ජනාධිපතිවරයා කිව්ව ඔක්කොටම ප්‍රතිවිරුද්ධව කතා කරපුවා තියෙනවා ඒ කාලේ. රැවුල වවලා කොණ්ඩේ වවලා කතා කරපුවා කපලා ඩබල් පොකට් ගහලා ලස්සනට ඉන්න කාල නෙමෙයි. ඊට කලින් කතා කරපුවා. ඔක්කොම බලන්න දාලා බලන්න අපිට දාන්න දෙනවා නම් මේ ලේකම්තුමිය දෙන්නේ නැහැ. ඒක එහෙම නීතියකුත් නැහැ. මට දාන්න පුළුවන් නැත්නම් මේ රූපවාහිනියේ ගියපු දේවල් ටික එකින් එකට දාන්න පුළුවන්.

දාලා පෙන්නන්න පුළුවන් කොහොමද රට කෑවේ ඒ කාලේ කොහොමද මේවා උද්ගෝෂණය කරේ කියලා. ඒ කරලා බලන්න විදුලි ගාස්තු ඊයේ කියනවා රුපියලයි කියලා ජනාධිපතිතුමා ඇවිල්ලා. තව ඉස්සරහට ඊට වැඩිය වැඩි වෙනවා. මේ ගල් අගුරු හොරකම තනිකර හොරකමක්. ඉන්නවා පොලිස් ඇමතිවරයෙක් දන්නේ නෑ වගේ ඉන්නවා. වෙනවා කතා කර කර. මේ රටේ බලන්න සභාපතිතුමනි ගල් අගුරු හොරකම මේ විගණන වාර්තාව ඉදිරිපත් කරනවා. මේගොල්ලන්ගේ මේ විගණන වාර්තාව මොකක්ද මේ කියන්නේ ඒකේ පිළිගන්නවා ජනාධිපතිතුමාට පිළිගන්න සෑහෙන්න කල් ගියා. ගල්අගුරු කන්නම වුණා. නැත්නම් පිළිගන්නේ නැනැ. ගල් අගුරු කෑවද කියලා අහනවා. එතකොට චීනා අර අසූචි නැව කෑවද කාල බලලද අනුර කුමාර කිව්වේ ඒක අසූචි කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: