2025 ජූනි 25, පෙ.ව. 11:40
වැඩි මිලට පුද්ගලික සමාගමක් හරහා ස්නායූ ශල්‍ය වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ චෝදනා මත බන්ධනාගාරගත කර සිටින ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේශී සූරසිංහ විජේරත්න මහත්මිය මොළය මියගිය රෝගීන්ට ද ශල්‍යකර්ම සිදු කිරීම සඳහා ශල්‍ය උපකරණ ගෙන්වා ගෙන ඇතැයි අල්ලස් කොමිසම අද අධිකරණයට දැනුම් දුන්නා.
කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය කියා සිටියේ අවශ්‍යතාවක් නොමැති රෝගීන්ටද එම ස්නායු ශල්‍ය උපකරණ යොදාගෙන සැත්කම් කර ඇති බවට අනාවරණ වන බවයි.
අඩු මිලට ලබා ගැනීමේ පහසුකම් තිබියදී තමන්ට අයත් පෞද්ගලික සමාගමක් හරහා වැඩිමිලට ස්නායු ශල්‍ය වෛද්‍ය උපකරණ රෝගීන්ට අලෙවි කර ඇතැයි කියන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න මහත්මිය ඇතුළු තිදෙනෙකු අද නැවතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෙසු සැකකරුවන් වන්නේ රෝහලේ ප්‍රධාන ලිපිකරුවෙකු වන කැකුළන්ද ලියනගේ ඉන්දික සහ විශේෂඥ වෛද්‍යවරියගේ පෞද්ගලික සමාගමේ සේවය කළ නිමල් රංජිත් මුතුකුඩ නමැති දෙදෙනෙක්.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසන් සභාවේ නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය විමර්ශනයෙන් අනාවරණය වූ වැඩිදුර කරුණු වාර්තා කළා.
උපුටා ගැනීම
ස්වාමිනි! වෛද්‍ය උපකරණ ලබා ගැනීමේ නියමිත ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි ස්වාමීනී අදාළ වෛද්‍යවරුන් විසින් වාර්ෂික ඇස්තමේන්තුවට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ ඇතුලත් කරල තමයි රෝහලට ලබා ගන්නේ. නමුත් ස්වාමීනී මෙම නඩුවේ පළමුවන සැකකාරිය වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් කරන්නේ නැහැ. ඇය විසින් සිදු කරන්නේ තමන්ගේ වාට්ටුවට ඇතුළත් වෙන රෝගීන්ට ඇය විසින් සිදු කරන්නේ තමන්ගේ වාට්ටුවට ඇතුළත් වන රෝගීන්ට අදාළ වෛද්‍ය උපකරණ දෙක ලබාගන්න කියලා තුන්වැනි සැකකාර ලිපිකරු වෙත යොමු කරනවා. ඒ අනුව එම ලිපිකරු විසින් දෙවැනි සැකකර ලබ ලබා දෙනවා. ඒ අනුව එම ලිපිකරු විසින් දෙවැනි සැකකරුගේ දුරකථන අංකය රෝගී පාර්ශවයට ලබා දෙනවා. මොහු සම්බන්ධ කරගෙන වෛද්‍ය උපකරණ ලබා ගැනීමේ කටයුතු සම්පාදනය කරන්න කියලා. පසුව දෙවැනි සැකකරු විසින් ෙමා ෆාමා කියන ආයතනයෙන් රුපියල් 50000කට ආසන්න මුදලකට එම උපකරණ මිලදීගෙන පළමු සැකකාරියට අයත් ආයතනයට ගෙනල්ලා රුපියල් එක් ලක්ෂ හැත්තතෑ පන්දහසක මුදලකට තමයි රෝගී පාර්ශවයට ලබා දෙන්නේ.
සැකකාර විශේෂඥ වෛද්‍යවරිය මොළය මියගිය රෝගීන්ට සහ අවශ්‍යතාවක් නොමැති රෝගීන්ට පවා අදාළ වෛද්‍ය උපකරණ භාවිත කරමින් ශල්‍යකර්ම සිදුකර ඇතැයි අල්ලස් කොමිසම අනාවරණය කළා.
උපුටා ගැනීම
ස්වාමීනී.! මේ වන විට රෝගී පාර්ෂවයන් සහ වෛද්‍යවරුන් ප්‍රකාශ ලබාදී තිබෙනවා. මෙම සැකකාරියගේ වාට්ටුවට ඇතුළත් වන සුළු ස්නායු ආබාද සහිත රෝගීන් පවා ශල්‍ය කරකර්ම වලට භාජනය කරලා තියෙනවා. ඒ කියන්නේ ස්වාමීනී ශල්‍යකර්මයන්ට ලක් කිරීමට අවශ්‍ය නැති රෝගීන් ඊ.වීඩි සහ වීපිෂන්ට් වෛද්‍ය උපකරණ යොදාගෙන ශල්‍යකර්මයන්ට භාජනය කරලා තියෙනවා. මේ ශල්‍යකර්මයන් ඉතාමත් සංවේදී. මොකද මොළය මස්තිෂ්ක තරලය රුධිරයේ සැරව ඉවත් කිරීම වගේ ශල්‍යකර්ම වලට තමයි මෙම උපකරණ භාවිත කරන්නේ. ශලිකර්මයට භාජනය වූ සමහර රෝගීන් මියගොස් තිබෙන බවටද කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ වගේම ස්වාමීනි ශල්‍යකර්මයන්ට භාජනය වූ රෝගීන්ගේ ඥාතීන් අපිට පවසා තිබෙනවා මොළය මියගිය රෝගීන්ටත් මෙම සැකකාරිය විසින් ශල්‍යකර්ම කර තිබෙනවා කියලා. සැකකාරිය විසින් මැෂින් එකෙන් හාර්ට් එක වැඩ කරන්න සලස්වල තමයි ශල්‍යකර්ම කරලා තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමීනී රෝගියා මැෂින් එකේ තියාගෙන දෙවනි ශල්‍යකර්මය කරනවා. අන්තිමට රෝගියාගේ පෝස්ට්මෝටම් එකෙන් අනාවරණය වෙනවා රෝගියා මිය ගිහිල්ලා දවස් පහක් කියලා. ඒ වගේම හිස් කබලේ කෑල්ලකුත් අඩු වෙලා කියලා. ස්වාමීනී මේ සැකකරිය හිතා මතාම රෝගීන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා තමන්ට වාසියක් ලබා ගැනීම වෙනුවෙන්.
කෙසේවෙතත් පළමු සැකකාරිය ජයවර්ධනපුර රෝහලේ සිටිනා එකම ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා බැවින් ඇය වෙනුවෙන් පෙනී සිටි නනීතිඥයින් ඇප ඉල්ලීම් කළද. ඇප ප්‍රතික්ෂේප විය.
2025 ජූනි 25, ප.ව. 1:56
2025 ජූනි 25, පෙ.ව. 12:10
2025 ජූනි 25, පෙ.ව. 12:09
2025 ජූනි 25, පෙ.ව. 12:09
2025 ජූනි 25, පෙ.ව. 12:05