2022 ජූනි 06, ප.ව. 12:53
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වූ දුමින්ද සිල්වා මහතා හට ව්‍යාජ වෛද්‍ය සහතික ලබා දී වෛද්‍ය වෘත්තීය නොකෙලෙසන ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මව බව සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
2011දී සිය සැමියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස වෙඩි තබා ඝාතනය කරන තෙක් පසෙකට වී බලා සිටි ඉහළ පොලිස් නිලධාරියා සහ පසුගිය මැයි 09 වැනිදා ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට මැරයන් පහර දෙන විට බලා සිටි ඉහළ පොලිස් නිලධාරියා යන දෙදෙනාම එක් අයෙක් බව සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළා.
මේ මොහොතේ එය තමන් විශේෂයෙන් සඳහන් කර තබන බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ.
එමෙන්ම මරණ දඬුවම ලැබ දඬුවම් විදින 9000ක පමණ පිරිසක් අතරින් දුමින්ද සිල්වා පමණක් ජනාධිපතිවරයාට විශේෂ වූයේ ඇයිද යන්න තමන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බව ඇය ප්‍රකාශ කළා.
2025 අප්‍රේල් 18, ප.ව. 3:05
2025 අප්‍රේල් 18, ප.ව. 3:00
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:29
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:25
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:25