hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 24, ප.ව. 3:18



අද දින (24) පාර්ලිමේන්තු විවාදය අතරතුර ජාතික ජන බලවේගයට සම්බන්ධ පෞද්ගලික උපකාරක ගුරුවරයෙකු විසින් දැරියක්ව ලිංගික හිංසනයට ලක් කිරීමත් එමගින් මානසික පීඩනයට ලක්වූ දරුවා සියදිවි නසාගැනීමේ චෝදනාවට අදාල සිද්ධිය පිලිබදව විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදීම සදහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සුනිල් වටගල මහතා ඉදිරිපත් විය.

එහිදී එම පිළිතුරු වලට විරෝධය පෑමක් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රමනාතන් මහතා මගින් සිදුවීමත් සමග අමාත්‍යවරයා විසින් උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

එහිදී අමාත්‍යවරයා විසින්, “වාඩිවෙනවා හැම එකකටම ඇවිල්ලා හොස්ස දානවා.කොහෙන්ද මෙයාව පත් කරන් තියෙන්නේ?ප්‍රශ්නෙකට උත්තර දෙනකොට මේ යකා නැගිටිනවා.” ලෙසයි.

පසුව කතානායක විසින් එහිදී සිදුවූ තීන්දුවට අනුව “යකා” නමැති වචනය නැවත හරවා ගැනීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය සුනිල් වටගල මහතා කටයුතු කළේය.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: