2025 නොවැම්‍බර් 22, පෙ.ව. 12:06
අධ්‍යාපනය සඳහා මේ වසරේ රු. බිලියන 619ක් සහ ලබන වසරේ රු. බිලියන 300ක් වෙන් වුව ද අධ්‍යාපනය සඳහා විශාල බරක් තැබිය යුතුය යන සටනේ තමන් සිටින බව සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.
මෙලෙස ප්‍රතිපාදන අඩු වීම අධ්‍යානයට 6%ක් වෙන්කිරීමේ ගමනට බාධාවක් නොවන බව ද එම වැඩපිළිවෙළ මෙම ඉලක්කමෙන් මැනිය නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පමණක් නොව තවත් අමාත්‍යංශ ගණනාවක් යටතේ අධ්‍යාපනය නංවාලීම සඳහා මුදල් වෙන් වන බව ද ඔහු සඳහන් කරයි. අධ්‍යාපනය හුදු අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පමණක් ඇති දෙයක් ලෙස භාරගත යුතු නැති බව ද ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි අවධාරණය කරයි.
පසුගියදා සියත රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.
2025 නොවැම්‍බර් 22, පෙ.ව. 12:21
2025 නොවැම්‍බර් 22, පෙ.ව. 12:21
2025 නොවැම්‍බර් 22, පෙ.ව. 12:17
2025 නොවැම්‍බර් 22, පෙ.ව. 12:13
2025 නොවැම්‍බර් 22, පෙ.ව. 12:08
22-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25
17-11-25
17-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25