2025 පෙබරවාරි 28, ප.ව. 2:19
හිටපු ජනාධිපතිවරුන් විවිධ අපරාධ සිදු කිරීම සඳහා පාතාල පුද්ගලයින් යොදාගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
‘දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෝනවල සුනිල් යොදාගෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ නිවසට ගල් ගැසුවා. දිවංගත ජනාධිපති ආර්ග ප්‍රේමදාස මහතා පාතාල නායකයන් ලවා මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කළා.
රිචඩ් සොයිසා මහතා ගැන කියවෙන රාණි චිත්‍රපටය අද තිරගත වෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මම කියන්න කැමතියි මේ චිත්‍රපටිය රහසින් නරඹලා ඔහුගේ පියා ජනාධිපති ධුරය දැරූ කාලයේ මොනවද කළේ කියලා සොයා බලන්න කියලා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජුලම්පිටියේ අමරේ සහ වම්බොට්ටා යන පාතාල චරිත සමඟ ඇසුරු කලා. ජුලම්පිටියේ අමරේ මහතා එක් කාලයක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළා’ වටගල මහතා පැවසීය.
2025 පෙබරවාරි 28, ප.ව. 6:56
2025 පෙබරවාරි 28, ප.ව. 6:31
2025 පෙබරවාරි 28, ප.ව. 6:16
2025 පෙබරවාරි 28, ප.ව. 6:03
2025 පෙබරවාරි 28, ප.ව. 5:58
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25