hit counter

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් 06, පෙ.ව. 12:08



රජය විසින් රටේ ආර්ථිකය වසා නොදමා, සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමින් පවතින අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වර්තමාන ආර්ථික ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට ගෙන යාමට රජය සමත්ව ඇති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, අද වන විට ආණ්ඩුව ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමටත්, ජාත්‍යන්තර සබඳතා තහවුරු කර ගැනීමටත් සමත්ව ඇති බවයි.

එමගින් රටේ සාමාන්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින් ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ලැබී ඇති බව ඔහු අවධාරණය කළේය.

ආර්ථිකය අඩාල වීමට ඉඩ නොතබා, අභියෝග හමුවේ වුවද සාමාන්‍ය ජන ජීවිතය සහ ආර්ථික කටයුතු පවත්වාගෙන යාම රජයේ ප්‍රධාන අරමුණ වී ඇති බවත්, එම ඉලක්කයන් ජය ගැනීමට මේ වන විටත් හැකි වී ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: