hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 08, පෙ.ව. 12:02



ජීවිත හානිකර ගැනිම පිළිබඳ සිදු කරන දේශනාවලට සහභාගි වෙලා මිත්‍යාවිශ්වාස විශ්වාස කොට ඒ සඳහා ගැලවීමට යම් කිසි පුද්ගලයෙකුට හා කණ්ඩායමකට නොහැකි නම් ළගම ඇති මානසික රෝහලට ගොස් අවශ්‍ය ප්‍රථිකාර ලබාගෙන මෙම මිත්‍යා විශ්වාසවලින් ගැලවිය හැකි බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රුබන් මහතා පවසයි.

මේ පිළිබද අදහස්  දක්වමින් හෙතෙම මෙසේද සඳහන් කළා.

“මිත්‍යා විශ්වාස මත එළඹ ගෙන ඉන්න පුද්ගලයින්  හෝ පුද්ගල කණ්ඩායමක්  අනුගාමකයින් පිරිසක් ගොඩනගා ගන්නවා. මිත්‍යා විශ්වාසකරණ පුද්ගලයා හිතනවා කණ්ඩායමක් හැටියට  ජිවිතය නැතිකරගෙන දෙවියන්ගේ ළගට දිව්‍යලෝකේ යන්න පුළුවන් කියලා. ඔවුන්ගේ අනුගාමිකයින් ද  මෙම මිත්‍යා  දේවල් විශ්වාසකරගෙන නොයෙකුත් අපරාධකාරි දේවල් කරණවා. නැතිනම් තමන්ගේ ජිවිතය විනාශ කරගන්නවා. නැතිනම් අන් අයගේ ජිවිතය විනාශ කිරිමට කටයුතු කරනවා.

මෙවැනි ආගමික කල්ලි  ලෝකයේ බොහෝ අවස්ථාවලදි අපි දැකලා තියෙනවා. සමාජයක් හැටියට අපි සැලකිලිමත් වෙන්න ඕන. යම් කිසි පුද්ගලයකු මේ වගේ විනාශකාරි දෙයක්  ඔහු කෙතරම් ආකර්ශණිය ලෙස කිවත්  ඒ ගැන තර්කානුකුලව හිතන්න. මෙහි ඇති විනාශය ගැන හිතලා එයට විරුද්ධව වැඩකිරිම සමාජයක් හැටියට අපේ යුතුකමක්.  මේ වගේ මිත්‍යා විශ්වාසකරණ පුද්ගලයින් කණ්ඩායමක් හැටියට  දිවි හානිකරගන්න පුළුවන්.

ජිවිතය විනාශ කරගන්නා ආකාරය පිළිබද දේශනා පවත්වනවා නම්  ඒ අයට විරුද්ධව නිතිමය කටයුතු කිරිමත්ඉතා වැදගත්  මානසික රෝගි තත්තවයක් නිසා මොහනය වැනි දෙයක් නිසා මෙවා විශ්වාසකරලා දිවි හානි කරගන්නවා නම් මේ සදහා ප්‍රථිකාර කොට මෙම මානසික රෝග  සුව කිරිම ඉතා වැදගත්. මේ නිසා එම පුද්ගලයාට පමණක් නෙවෙයි සමාජයටත් විශාල හානියක්  වෙනවා. තවත් අයගේ ජිවත නැතිකිරිම උත්සාහ කිරිම මගින්. මේ වගේ දේශනාවලට සහභාගිවෙලා මිත්‍යා විශ්වාස විස්වාසකරණ අය ඉන්නවානම්  තමන් විස්වාස කරන මතිමතාන්තර පිලිබද නැවත තර්කානු කුලව සිත බැලිය යුතුයි.”