hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2023 මාර්තු 04, ප.ව. 5:01



සියලු පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂාවරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවති සුරක්ෂා රක්ෂණාවරණය අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමටයි අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව පවුල් වල ආදායම් විස්තරය ඇතුළුව පාසල් දරුවන්ගේ තොරතුරු කැඳවීමට අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

එම තොරතුරු කැඳවීමට අදාළ සියලු විස්තර පිළිබඳ මේ මාසයේදී පාසල් ප්‍රධානීන් දැනුවත් කිරීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම වසර සඳහා සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන් අමාත්‍යංශය රක්ෂණ සමාගමක් සමඟ මෙතෙක් ගිවිසුම්ගත වී නොමැත.

මෙලෙස ගිවිසුම්ගත වන තෙක් රක්ෂණ ප්‍රතිලාභ ගෙවීමක් සිදු නොකෙරෙන අතර ප්‍රතිලාභ අපේක්ෂා කෙරෙන දෙමව්පියන්ට අදාළ ලිපි ලේඛන සුරක්ෂිතව තබා ගන්නා ලෙස අමාත්‍යංශය පෙන්වා දෙනවා.