hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 නොවැම්‍බර් 27, ප.ව. 4:56



2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන අප්‍රේල් මස අග හෝ මැයි මස මුල දී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

අද (27) පැවති විශේෂ මාධ්‍ය හමුකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, 2023 තුළදී සියලු විභාග නියමිත කාලයට පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

චීනයෙන් නිල ඇඳුම් 70%ක් ලැබෙන බවත් , එහි පළමු තොගය දෙසැම්බර් 3වනි සතියේ ලැබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ලබන වසරේ මාර්තු වන විට පාසල් නිලඇඳුම් බෙදාහරින බවත් සඳහන්.

සෙස් බද්ද නිසා පොත් සහ පාසල් උපකරණ මිල ඉහළ ගොස් ඇති අතර එය අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර අභ්‍යාස පොත්වලට සෙස් බද්ද අඩු කිරීමට පියවර ගන්නා බවද සඳහන්.