hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 29, ප.ව. 7:29



ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී පසුගිය බදාදා (26) සිට අතුරුදන්ව සිටින 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික සංචාරක කාන්තාවක් වන Tamar Amitai සොයා උප්පුවේලි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම තරුණිය පසුගිය ජුනි 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තනිව සංචාරය කරමින් සිටියදී අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.

ඇය අන්තර්ජාලය හරහා වෙන්කරවාගත් ත්‍රිකුණාමලයේ රොලෙක්ස් ලැගුම්හලේ නවාතැන් ගෙන සිට ඇත. ඇය බදාදා (26) සිට නැවත ලැගුම්හල වෙත නොපැමිණි බවත් ලැගුම්හල් හිමිකාරිය පොලීසියට දැනුම්දී තිබෙනවා.

ලැගුම්හලේ හිමිකාරිය විසින් උප්පුවේලි පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලක් මත උප්පුවේලි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති නමුත් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව පැවසේ.