hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2024 ජනවාරි 10, පෙ.ව. 12:05



බදු ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින් පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ, එවැනි ව්‍යාපාරිකයින් බදු නොගෙවීමට හේතු අදාළ කමිටුව විසින් සොයා බලන බවයි.

මේ වනවිට ලියාපදිංචි වී ඇතත් බදු නොගෙවන ව්‍යාපාරිකයින් පිළිබඳ එහිදී විශේෂයෙන් සොයා බලන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.

මේ අතර, මාසයකට රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් ලබන වයස අවුරුදු 18 වැඩි සියලු දෙනා බදුගොනු විවෘත කිරීම ආරම්භ කර ඇති බව ඇය පවසනවා.

ඇය සඳහන් කළේ, වසරකට රුපියල් ලක්ෂ 12 ට වඩා වැඩි ආදායම් උපයන්නන් බදු ගෙවීමට යටත් වන බවයි.

සෙසු පුද්ගලයින් බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය ලබා ගැනීම අනිවාර්ය වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: