hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2026 පෙබරවාරි 17, පෙ.ව. 12:18



රජය විසින් සංචාරක, නිෂ්පාදන සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වන ආයෝජනයන්ට වසර 10 දක්වා බදු සහන ලබා දීමට තීරණය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඊට අදාළ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඊට අනුව අමෙරිකානු ඩොලර් මිලියන 50ත් 300ත් අතර ආයෝජන සඳහා මෙම බදු සහන ලබාදීමට නියමිතව ඇත.

එම ආයෝජනයෙන් අවම වශයෙන් දේශීය රැකියා 50ක උත්පාදන අවශ්‍යතාවයක් පැවතිය යුතු බව ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි. අදාළ ආයෝජනයන් සඳහා වසර 05 සිට වසර 10 දක්වා සංස්ථාපිත ආදායම් බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කර ඇත.

ඊට අමතරව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ද බදු සහන හිමිවන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: