hit counter

2025 ජූලි මස 17 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 18, පෙ.ව. 12:06



ත්‍රීරෝද රථ රියැදුරෙකුට පහර දී ත්‍රිරෝද රථය කොල්ල කෑමේ සිද්ධියක් පිළිබඳව මොරගහතැන්න පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රියදුරා සන්තකයේ තිබූ රුපියල් 11,000ක මුදලක්, ජංගම දුරකථන දෙකක් සහ ත්‍රිරෝද රථයේ ලියකියවිලි ද අදාළ පිරිස විසින් රැගෙන ගොස් ඇත. 

දරුවෙකු වඩාගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් රාත්‍රී 9.00ට පමණ කොට්ටාව නගරයෙන් මෙම ත්‍රිරෝද රථයට ගොඩ වී තලගල ප්‍රදේශයට යාමට අවශ්‍ය බව පවසා තිබේ.

ගමනාන්තය දක්වා රථය ධාවනය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව එහි සිටි එක් පුද්ගලයෙක් පසුපස සිට තම දෑස් ඔහුගේ දෑතින් වසා මිරිස් කුඩු වැනි යමක් ආලේප කිරීමෙන් අනතුරුව තමාව රථයෙන් ඉවතට තල්ලු කළ බව රියදුරු පොලීසියට පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගහතැන්න පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙවැනි කොල්ලකෑම් වරින් වර පොලිස් පොතේ සටහන් වන බව නිරීක්ෂණය වී ඇති බැවින් කුලී ත්‍රී රෝධ රථ ධාවනයේ යෙදෙන රියදුරුන් විශේෂයෙන් රාත්‍රී කාලයේ සැලකිලිමත් විය යුතු බව පොලීසිය අවධාරණය කරනවා.