2024 මාර්තු 30, පෙ.ව. 12:04
            
ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.
වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත් අධ්‍යාපන විද්‍යාපීඨ වලට පවා සුදුසුකම් සපුරන සිසුන් ඉතා අඩු බවත් උපාධිධාරීන් සිටින්නේද අතලොස්සක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා විසඳුම් වශයෙන් දැනට ඌව සහ මධ්‍යම පළාතේ සිටින උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ පළාත් බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටි බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් ඇති ගුරු සහායකයින් පන්සියයක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට අවසර ලබා දී ඇති බවත් ඔවුන් වසර තුනක් ඇතුළත ගුරු මධ්‍යස්ථාන මගින් ඩිප්ලෝමා මට්ටමින් පුහුණු කර පාසල් වෙත යොමු කිරීමට කටයුතු යොදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
තවද ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහයකින් 2,535 ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.
එළඹෙන මැයි මාසය වන විට ඒ අනුව එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂිත බවද තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25