hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මාර්තු 22, පෙ.ව. 9:07



දිවයිනේ සියලු ම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විශේෂ අභියාචනාවන්ට යටත් ගුරු භවතුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු අප්‍රේල් 17 දින සිට ක්‍රියාත්මක වන බවයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්තිවල ඉගැන්වීම් සිදු කරන ගුරුභවතුන්ගේ ස්ථාන මාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් වේ නම්, ඒ සම්බන්ධව විදුහල්පති මගින් ඉදිරිපත් කරන අභියාචනා විශේෂ අභියාචනා කමිටුවකින් නැවත සලකා බලනු ලබන බව ද අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.

මෙතෙක් ලබා දී ඇති සියලු ම තාවකාලික අනුයුක්ත කිරීම් ජූනි 30 දින දක්වා දීර්ඝ කරන නමුත් ජූනි 30 දිනට පෙර ස්ථාන මාරුවක් ලද ගුරුභවතුන් ස්ථාන මාරු ලිපිය ලැබුණු වහා ම ඒ අනුව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.