hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 27, ප.ව. 2:47



පසුගියදා (11) ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සුරතින් නැගෙනහිර අමෙරිකාවේ ශ්‍රී ලංකා පන්සලක තැනූ ප්‍රථම චෛත්යයෙහි මුල්ගල්තැබීම උත්සවාකාරයෙන් සිදුවිය.

මේ දුර්ලභ පුණ්‍යකර්මය සිදුවුයේ එරට මේරිලන්තයේ හේගස්ටවුන් හි වැඩ වෙසෙමින් අපමණ ශාසනික මෙහෙවරක් කරන රාජකීය පණ්ඩිත කරපුටුගල ඉන්දරතන නා සමිදුන් විසින් අප්‍රතිහත ධෛර්යයෙන් එනුවර සෑදූ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේදීය.

වොෂින්ටන් විහරාධිපති මහරගම ධම්මසිරි නා හිමි ප්‍රධාන තවත් ස්වාමීන් වහන්සේලාද මේ මහා පුණ්‍ය කර්මයට සහභාගී වුහ.

මෙම දර්ශණීය සෑ රදුන් විවෘත කිරීම 2026 වෙසක් උත්සවට සමගාමීව කිරීමට අපේක්ෂා කෙරේ.