hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:50



අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් සැරයන්වරයකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

ඒ අනුව අඳාළ සැරයන්වරයා එම සැකකාරිය සමඟ එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට හෙළි වී ඇති බව ද පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වන බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: