hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 අගෝස්‍තු 26, ප.ව. 2:58



පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය තවදුරටත් කළ හැක්කේ සති හතරක පමණ කෙටි කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය අනතුරු අඟවනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ජල විදුලි නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බවයි.

සමනල වැව ජලාශයේ ජල ධාරිතාව සියයට 1 දක්වාත් කාසල්රි ජලාශයේ ජල ධාරිතාව සියයට 28 දක්වාත් මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව සියයට 35 දක්වාත් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සියයට 25 දක්වාත් මේ සති අන්තය වන විට පහත වැටී තිබෙනවා.

ඒ අනුව, ජල විදුලිය තවදුරටත් නිපදවිය හැකි වන්නේ ගිගාවොට් පැය 300ක් වනවා.

මේ වන විට තාප බලාගාරවලින් සියයට 65ක ධාරිතාවක් දක්වා විදුලි නිෂ්පාදනය ඉහළ නංවා ඇති අතර ‘සෝලා’ සහ සුළං බලාගාරයන්ගෙන් සියයට 11ක පමණ විදුලි නිෂ්පාදන ධාරිතාවක් ලබා ගන්නවා.